24.7 C
Colombo
Sunday, October 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාස්පෝට් ගන්න 26 වෙනුවට වෙනත් දිනයක්

පාස්පෝට් ගන්න 26 වෙනුවට වෙනත් දිනයක්

විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට ලබන සඳුදා (26) දිනය වේලාවක් ලැබී ඇති සියලු අයදුම්කරුවන්ට එම සතියේ ඉතිරි දින හතරේ දිනයක් සහ වේලාවක් ලැබෙන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එළඹෙන සඳුදා (26) දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක් බවට පත්කිරීමත් සමඟ එදින ප්‍රධාන කාර්යාලය වසා තබන බවයි ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය පැවසුවේ.

ඒ අනුව නව දිනය සහ වේලාව අයදුම්කරුවන්ට කෙටි පණිවුඩයක් (SMS) ලෙස යොමු කරන බවද ඔහු වැඩි දුරටත් සඳහන් කර සිටියා.