― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබම්බලපිටියේදී කෝටි 25කට විද්ද කොණ්ඩයා හා කොමනා අත්අඩංගුවට

බම්බලපිටියේදී කෝටි 25කට විද්ද කොණ්ඩයා හා කොමනා අත්අඩංගුවට

බම්බලපිටිය – ස්කෙල්ටන් පාරේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසින් රුපියල් කෝටි 25කට ආසන්න දේශීය සහ විදේශීය මුදල්, රන් රිදී මුතු මැණික් සහ පිස්තෝල ගිනි අවියක් සොරාගත් පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත බව පොලිසිය පවසනවා.

බොරැල්ල සහ බම්බලපිටිය පොලිසිය ඒකාබද්ධව සිදුකළ විමර්ශනයක දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොම්පඤ්ඤ වීදිය ධනුෂ්ක නොහොත් ‘කොණ්ඩයා’ සහ හෝකන්දර කොමනා, බෙල්ලා, විරිඳු රුවන් හා කළුමල්ලි යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වන ජයකොඩිගේ රුවන් ප්‍රේමකුමාර නැමැති දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන් දෙදෙනෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත සැකකරුවන් සන්තකයේ තිබී එම නිවසින් සොරාගත් දේපළවලින් ග්‍රෑම් 380ක් බර රන් ආභරණ, ඇමරිකන් ඩොලර් 10.000 ක්, ජපන් යෙන් එක්ලක්ෂ 950ක්, රෝලෙක්ස් අත් ඔරලෝසු, මැණික් ගල්, රුපියල් ලක්ෂ 174ක මුදල් සහ පිස්තෝල ගිනි අවියක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එමෙන්ම ඔවුන් සන්තකයේ තිබී හොරයින් මත්කුඩු ග්‍රෑම් දහයකට අධික ප්‍රමාණයක්ද සොයා ගැනීමට පොලිසියට හැකි වූ බවයි වාර්තා වන්නේ. ඉකුත් 16 වනදා ධනුෂ්ක නොහොත් ‘කොන්ඩයාගේ’ මඟ පෙන්වීම මත ‘කොමනා’ ඇතුළු අන්වර්ථ නාම හතරකින් හඳුන්වන සැකකරු කෝටිපති ව්‍යාපාරිකයාගේ තෙමහල් නිවසේ දෙවන මහලේ නාන කාමරයේ සුළං කවුළුවෙන් නිවසට ඇතුළු වී මෙම සොරකම සිදුකර ඇති බවයි අනාවරණය කරගෙන ඇත්තේ.

පොලිසිය පවසන්නේ සැකකරුවන් විසින් මෙම සොරකම සිදුකර අවස්ථාවේ දී කෝටිපති ව්‍යාපාරිකයෙක් බිරිඳ සහ සේවිකාවන් දෙදෙනාද නිවසේ පහළ මහලේ සිට ඇති බවයි. එම නිවසේ සවි කර තිබූ සී.සී.ටී.වී. දර්ශන අනුව සිදුකළ විමර්ශනවලදී ‘කොමනා’ නොහොත් අන්වර්ථ නාම හතරකින් හඳුන්වන සැකකරු මරදාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

පසුව ඔහු පරීක්ෂා කිරීමේදී සොරාගත් රන් ආභරණ, විදේශීය මුදල්, මැණික් මැණික් ගල්වලින් කොටසක් ඔහු හැඳ සිටි යට ඇඳුමේ සඟවා තිබිය දී සොයා ගැනීමට හැකිව තිබෙනවා.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අපරාධයට සම්බන්ධ ‘කොණ්ඩයා’ නැමැත්තා පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර ඔහු බම්බලපිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

එම සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ එකසිය එකක් සහ පිස්තෝල ගිනිඅවිය පොලිස් භාරයට ගෙන ඇති අතර ඔහු එම මුදල් සහ ගිනි අවිය සහෝදරියකට සහ මිතුරෙකුට පරිස්සම්කර තබා ගැනීමට ලබදී ඇති බවට අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් ‘කොමනා’ නමැති සැකකරු සොරකම් කරන ලද මුදල්වලින් රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු ඔහුගේ මිතුරන් අතරේ බෙදා දී ඇති බව ද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන්.