32.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහඔයදී ගජමුතු 02ක් සමඟ අයෙක් ජීවිතක්ෂයට

මහඔයදී ගජමුතු 02ක් සමඟ අයෙක් ජීවිතක්ෂයට

දළ ඇතුන් ඝාතනය කර ලබාගන්නා ලද ගජමුතු සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය කලවංචිකුඩි කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (22) මහඔය පොලිස් වසමේ මහඔය නගරයේ ප්‍රදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට දී වැටලීමක් සිදුකර ඇත.

එහිදී මෙරට සීඝ්‍රයෙන් වඳවී යන ජාතික සම්පතක් වන දළ ඇතුන් මෙලෙස ඝාතනය කර ගජමුතු 02 ක් සන්තකයේ තබාගෙන සිටි කැකිරිහේන, මහඔය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක් වන පුද්ගලයෙකු උපාය දූතයකු යොදවා මහත් පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මහඔය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.