26 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalමැතිවරණෙට වියදම් කරලා විදුලිය, ඉන්ධන ගන්න සල්ලි නෑ කියන්න එපා

මැතිවරණෙට වියදම් කරලා විදුලිය, ඉන්ධන ගන්න සල්ලි නෑ කියන්න එපා

මැතිවරණවලට මුදල් වියදම් කර විදුලි බලය, ඉන්ධන ලබා ගැනීමට විදිහක් නැතැයි පස්සේ කියන්න එපා යැයි එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ මැතිවරණයට රුපියල් බිලියන දහයකට වඩා යන බවත් මෙහෙම ගියොත් අත්‍යවශ්‍ය දේවල්වලට මුදල් නැති තත්වයට පත් වන බවත්ය.

මැතිවරණ කොමසාරිස්වරයා කියන විදියට මුදල් තිබෙනවා නම් මැතිවරණ තිබුනට කමක් නැති බව පැවසූ මන්ත්‍රීවරයා අවධාරණය කළේ මැතිවරණවලට ඉදිරිපත් වෙන්න එක්සත් ජාතික පක්ෂය සූදානම් බවයි.