― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අසළ විශේෂ මෙහෙයුමක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අසළ විශේෂ මෙහෙයුමක්

නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය අවට අද (23) දහවල් සිදු කළ හදිසි විශේෂ සෝදිසි මෙහෙයුමකින් පුද්ගලයන් 22ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ද ඇතුලුව නිලධාරීන් 75 දෙනෙකු මෙම මෙහෙයුම සිදුකර ඇත්තේ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් අනුවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්, ව්‍යාජ ලිපි ලේඛන ළග තබාගෙන සිටි පුද්ගලයන්, සාමදාන විනිසුරුවරුන් ලෙස පෙනී සිටි අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකි වූ පිරිස්ද වන බවයි පොලිසිය කියාසිටියේ.

රජයේ ආයතන භාවිත කරනු ලබන මුද්‍රිත කඩදාසි මෙන්ම ව්‍යාජ රබර් මුද්‍රා ද මෙහි තිබී සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ලිංගික අපයෝජනයක් සම්බන්ධයෙන් බොරැල්ල පොලිසියට අවශ්‍යකර සිටි සැකකරුවෙක් ද වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

මෙම සැකකරුවන් සියලුදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය අවට විවිධ තැරැව්කරුවන් සිටින අතර ව්‍යාජ ලිපි ලේඛණ සකස් කරන පුද්ගලයන් සිටින බවට ලැබුණු තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියාසිටියේ මෙම ප්‍රදේශයේ මහජනතාව අපහසුතාවට පත් කරමින් ඔවුන්ගෙන් මුදල් ලබා ගනිමින් වංචනික ක්‍රියාවල නිරතවන පුද්ගලයන් සිටින බවයි. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයෙන් පිටත සිටින එවැනි වංචනිකයන්ට හසු නොවන ලෙසට ද පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.