29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsයාපනය මුහුදු තීරයට මළසිරුරු දෙකක් ගොඩගසයි

යාපනය මුහුදු තීරයට මළසිරුරු දෙකක් ගොඩගසයි

යාපනය මුහුදු තීරයේ ස්ථාන දෙකකට ඊයේ (22) මළ සිරුරු දෙකක් ගොඩගසා තිබූ බව පොලිසිය පවසනවා.

අලියවලෙයි මුහුදු තීරයට සහ මාදගල් මුහුදු තීරයට මෙලෙස මළ සිරුරු දෙකක් ගොඩගසා ඇති බවයි වාර්තා වන්නේ. මාදගල් මුහුදු තීරයට ගොඩගසා තිබූ මළ සිරුර පසුගිය 20 වනදා මසුන් ඇල්ලීමට මුහුදු ගොස් අතුරුදහන් වූ පලාලි, අන්රනිපුරම් ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි සිව්දරු පියෙකුගේ බවට හඳුනාගෙන තිබෙනවා.

මේ අතර අලියවලෙයි මුහුදු තීරයට ද නරක් වූ මළ සිරුක් ඊයේ (22) දිනයේ ගොඩගසා තිබියදී ප්‍රදේශවාසීන් දැක ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කිරීමට කටයුතු කර තිබුණා. පසුව පොලිසිය පැමිණ එය පරීක්ෂා කිරීමේදී එය මීට සතියකට පමණ පෙර මිය ගිය අයෙකුගේ බවත් මළ සිරුර දැඩි ලෙස නරක් වී තිබුණු බැවින් හඳුනාගැනීමට අපහසු බවටත් වාර්තා වනවා.

පසුව අදාළ මළ සිරුර යාපනය ශික්ෂණ රෝහලට වෙත යොමු කිරීමට කටයුතු කර තිබුණා.