― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsලබන වසරේ සිට වැටුපෙන් බදු අයවෙන්නේ මෙහෙමයි

ලබන වසරේ සිට වැටුපෙන් බදු අයවෙන්නේ මෙහෙමයි

ලබන 2023 වසරේ ජනවාරි මස පළමුවනදා සිට ආදායම් බදු වෙනස්වන ආකාරය පිළිබඳ මුදල් අමාත්‍යංශය අද පැහැදිළි කිරීමක් සිදු කළා.

මුදල් අඅමාත්‍යංශයේ මූල්‍ය ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ජනරාල් කපිල සේනානායක කියාසිටියේ පුද්ගල ආදායම් බදු වැටුප් කාණ්ඩ අනුව වෙනස් කෙරෙන බවයි. මේ අනුව රුපියල් ලක්ෂයක වැටුප් ගන්නා අය ආදායම් බද්දට යටත් වන්නේ නැහැ.

වැටුප රුපියල් 150,000ක් නම් රුපියල් 3500ක බද්දක් අය කෙරෙනවා. රුපියල් ලක්ෂ 2ක වැටුපක් ලබාගන්නා පුද්ගලයෙකුගෙන් අය කෙනෙ බද්ද රුපියල් 10500ක්. දෙලක්ෂ පනස් දහසක වැටුපක් ලබාගන්නා අයෙකුගෙන් රුපියල් 21000ක බද්දක් අය කෙරෙන අතර ලක්ෂ 3ක වැටුපක් ගන්නා අයෙකුගෙන් රුපියල් 35000ක බද්දක් අය කෙරෙනවා.

තුන් ලක්ෂ පනස් දහසක වැටුපක් ගන්නා අයෙක් ජනවාරි මාසයේ සිට ගෙවිය යුතු බදු මුදල රුපියල් 52000ක්. වැටුප රුපියල් ලක්ෂ 4ක් නම් බද්ද රුපියල් 70500ක් වනවා. වැටුප රුපියල් ලක්ෂ 10ක් නම් ගෙවිය යුතු බදු මුදල රුපියල් 286,500ක්.

රඳවා ගැනීමේ බදු අය කිරීමේදී ලාභාංශ සඳහා 15ක් මෙන්ම පොලියට 5ක් ද අය කෙරෙනවා. රුපියල් ලක්ෂයකට වැඩි කුලියක් ගෙවන්නේ නම් 10ක් බදු අය කෙරෙනු ඇති. සංස්ථාපිත ආදායම් බදු සෑම ක්ෂේත්‍රයකටම 30ක බද්දක් හඳුන්වාදී ඇති බවයි මුදල් අමාත්‍යංශයේ මූල්‍ය ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා කියාසිටියේ.