30 C
Colombo
Sunday, April 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසතොස භාණ්ඩ 07ක මිල පහතට

සතොස භාණ්ඩ 07ක මිල පහතට

උත්සවය සමය වෙනුවෙන් ලංකා සතොස භාණ්ඩ 07 ක මිල පහත දමා තිබේ.

අද (23) සිට සුදු සීනි, ආනයනික අර්තාපල්, ලොකු ළුෑණු, රතු පරිප්පු, ටින් මාළු, මිරිස් සහ හාල්මැස්සන් මිල අඩු කර ඇත.

ඒ අනුව සුදු සීනි රුපියල් 04කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 220ක් ලෙස දක්වා තිබේ. රතු පරිප්පු කිලෝග්‍රෑමයක් රුපියල් 11කින් අඩු කර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 374ක් ලෙසයි.

ලොකු ළුෑණු කිලෝග්‍රෑමයක් රුපියල් 05කින් අඩු කර ඇති අතර ඒ අනුව ලොකු ළුෑණු කිලෝග්‍රෑමයක් රුපියල් 185කට මිල දී ගැනීමේ හැකියාව පවතී. ග්‍රෑම් 425 සැමන් ටින් එකක් රුපියල් 475කටත් මිරිස් කිලෝග්‍රෑමයක් රුපියල් 1,780කටත්
හාල්මැස්සන් කිලෝග්‍රෑමයක් රුපියල් 1,100ක් වැනි මුදලකටත් ලංකා සතොස මගින් ඔබට ලබා ගත හැකිය.