― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඅදටත් අගමැතිකමට සුදුසුම නායකයා මහින්ද රාජපක්ෂයි

අදටත් අගමැතිකමට සුදුසුම නායකයා මහින්ද රාජපක්ෂයි

මහින්ද රාජපක්ෂට අග්‍රාමාත්‍ය ධූරය හිමිවිය යුතු බව අදටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස මහ ඡන්දයෙන් බහුතර බලය ගත්තේ මහින්ද රාජපක්ෂ බවත් බැසිල් රාජපක්ෂ පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ සතිඅන්ත පුවත්පතක් සමඟ පැවති සාකච්ඡාවකදීය.

“එකක් කියන්න ඕනෑ පැහදිලිවම. රනිල් අගමැති කළේ අපේ පක්ෂයෙන් නොවෙයි. අරගලය වකවානුවේ අගමැති ධුරය වෙනස් කරන්න කියලා විශාල මතයක් ගොඩනැගුණා. අපේ පක්ෂයේ ස්ථාවරය අදටත් අගමැති ධුරය මහින්ද රාජපක්ෂ මැතිතුමාට හිමිවිය යුතුයි කියලා. අපේ පක්ෂයේ නායකයා හැටියට එතුමා තමයි ඡන්දයෙන් බහුතර බලයක් ගත්තේ. සර්ව පාක්ෂික සමුළුවට ගිහිල්ලත් කීවේ මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉවත් කරනවාට විරුද්ධයි.

අපි එතැනින් එහාට කෙනෙක් නිර්දේශ කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ ජනාධිපතිතුමා විවිධ අයත් එක්කත් සාකච්ඡා කළා. සරත් ෆොන්සේකාටත් ගන්න කිව්වා. සජිත් ප්‍රේමදාසටත් ගන්න කිව්වා. ලිඛිතවත් ආරාධනා කළා එන්න කියලා. ඊට පස්සේ එක්කෙනෙක්ව තේරුවා. රනිල් වැඩබලන ජනාධිපති ධුරයට පත් වුණේ ව්‍යවස්ථාව අනුවයි. ව්‍යවස්ථාවට අනුව අගමැතිවරයා වැඩබලන ජනාධිපති ධුරයට පත් වෙනවා. ඔය කියන කාරණා දෙකේදී මගේ හෝ පක්ෂයේ මැදිහත්වීමක් වුණේ නැහැ.

තුන්වෙනි කාරණයේදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවෙන් පත්කරන්න ඕනෑ. එතැනදී අපි තීරණය කළා ඒ කාරණය කරන්න පුළුවන් කෙනාට සහය දෙනවා කියලා. එකත් රටේ නීතිය හා සාමය ආරක්ෂා කරලා හැමෝටම නිදහසේ ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන්න පුළුවන් පරිසරයක් හදන්න. දෙවැන්න වන මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න අන්තර්ජාතික සහයෝගය ලබාගත හැකි පුද්ගලයා කව්ද කියලා. ඒ කරුණු දෙක මත අපි එතුමාට සහය දෙන්න තීරණය කළා. ඒ කාරණයේදී අපි සතුටුවෙනවා ඒ වෙලාවේ ගත්ත තීරණය ගැන. නමුත් පළමු පියවරවල් දෙකේදී අපි හෝ පක්ෂය ඊට සම්බන්ධ වුණේ නැහැ. මහින්ද රාජපක්ෂට තමයි මේ රටේ ජනවරම ලැබුණේ. එයා ඉවත් කිරීමට අදත් විරුද්ධයි. ඒක ගෝඨාභය ජනාධිපතිතුමා ලවා කෙරෙව්වේ ව්‍යාපාරික පැලැන්තිය. දැන් ඒක අපේ ඇඟ උඩ දාන්න හදනවා.