27.2 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅනුරාධපුර සතොස ගබඩාවේ කළමනාකාරිණිය අත්අඩංගුවට

අනුරාධපුර සතොස ගබඩාවේ කළමනාකාරිණිය අත්අඩංගුවට

අනුරාධපුර සතොස තොග ගබඩාවේ තිබූ සහල් තොගයක් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු අනුරාධපුර සතොස තොග ගබඩා කළමනාකාරිණිය ලබන 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනගාරගත කර තිබෙනවා.

ඒ සැකකාර කළමනාකාරිණිය අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක ජයසූරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අනුරාධපුර සතොස තොග ගබඩාවේ තිබූ රුපියල් හය කෝටි අනූහත් ලක්ෂයක් පමණ වටිනා නාඩු සහ සම්බා සහල් තොගයක් වංචා කළ බවට ඇයට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

අනුරාධපුර ඇලයාපත්තුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන ඇයට විදේශගත වීම වළකාලමින් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් මීට පෙර කටුනායක සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආගමන විගමන පාලකවරුන්ට තහනම් නියෝග දෙකක් ද නිකුත් කරනු ලැබුවා.

පසුව ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් වුණා.