― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඇමතිවරයාගේ තනි කැමැත්තට බිල වැඩි කරන්න අයිතියක් නැහැ

ඇමතිවරයාගේ තනි කැමැත්තට බිල වැඩි කරන්න අයිතියක් නැහැ

උපයෝගීතා කොමිෂන් සභාවේ අවසරයකින් හා නිර්දේශයකින් තොරව ඇමතිවරයාගේ තනි කැමැත්තට විදුලි බිල වැඩි කිරීමේ හැකියාවක් නොමැති බවත් විදුලිබල මණ්ඩලයට අතීතයේ සිදු වූ අලාභ පියවා ගන්න අමාත්‍යවරයාට තියෙන එකම ක්‍රියාමාර්ගය බවට පත් වී ඇත්තේ විදුලි බිල වැඩිකිරීම බවත් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පැවසූහ.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ පැවසුවේ ආර්ථික අර්බුදය හමුවේ ජාතික විදුලි පරිභෝජනය අඩු වී ඇති පසුබිමක විදුලි ගාස්තු ඉහළ නැංවීමේ කිසිදු සාධාරණ අවශ්‍යතාවයක් නොමැති බවයි.

විදුලිබල මණ්ඩලයට අතීතයේ සිදු වූ අලාභ පියවා ගන්න අමාත්‍යවරයාට තියෙන එකම ක්‍රියාමාර්ගය බවට පත්වෙලා තියෙන්නේ බිල වැඩිකිරීම මගින් ජනතාවට තවත් බර පැටවීම. මේ පසුගිය දා විදුලිබිල වැඩිකිරීම තත්ත්වය උසුලා ගැනීමට නොහැකිව ජනතාව දැන් 10%කින් විදුලි පරිභෝජනය අඩුකරලා කියලා වාර්තාවක් එනවා. ඒ විතරක් නෙමෙයි 16%ක් කර්මාන්ත අත්හිටුවලා කියලා වාර්තාවක් එනවා. මේ කිසිදු තත්ත්වයක් පිළිබඳ සංවේදීකමක් නැති ජනවෛරී අමාත්‍යවරයා කල්පනා කරන එකම දේ තමා මහජනතාවට බරපටවලා අලාභ පියවා ගන්න. අමාත්‍යවරයාට අපි පැහැදිලි කරලා දුන්නා අඩුම ගානේ බිලියන 39ක් තියෙනවා අය නොකර අහක දාපු විදුලිබිල. කවුද ඒ විදුලිබිල නොගෙවන්නේ. නැතිබැරිකමට ද නෑ.. මැති ඇමතිවරු ඉන්න සහ හිටපු ඇතුළු කොට ඇති රජයට හිතවත් ආයතන, රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයෙන් විදුලිබිල නොගෙවා පැහැර හැරලා තියෙනවා. මේවා අයකරන්නේ නැතුව‍ සාමාන්‍ය මහජනතාවට බරපැටවීමේ තියෙන සාධාරණත්වය කුමක් ද? කියලා අපි ඇමතිවරයාගෙන් අහනවා. පුනර්ජනනීය විදුලි බලය නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලවල් කීයකට ඔබතුමා අතගහලා තියෙනවා ද ? කිසි එකකටවත් යන්නේ නැතුව ගල්අඟුරු ඔස්සේම වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ තමන්ට ලැබෙන ලාභ ප්‍රයෝජන ගැන හිතලා ද කියන එක අපිට බරපතළ ප්‍රශ්නයක්. උපයෝගීතා කොමිෂන් සභාවේ අවසරයකින් හා නිර්දේශයකින් තොරව ඇමතිවරයාගේ තනි කැමැත්තට එහෙම විදුලිබිල වැඩිකරන්න පුළුවන් කමක් නෑ. එහෙම පියවර ගත්තොත් ජනහිතකාමි නීතිඥයෝ ඉන්නවා. අපි ආරාධනා කරනවා නීතිඥ මහත්තරුන්ට එන්න ඉදිරියට. නීතිමය ක්‍රියාමාර්ග අපි ගත යුතුව තියෙනවා.