24.5 C
Colombo
Friday, July 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනත්තල් දා තිදරු පියෙක්ට දිවි අහිමි කළ ආරවුල

නත්තල් දා තිදරු පියෙක්ට දිවි අහිමි කළ ආරවුල

තෙබුවන, ක්ලෝඩන් වත්ත ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ආරවුලකදී තියුණු ආයුධ සහ පොලුවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බවයි තෙබුවන පොලිසිය සඳහන් කළේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා නෑබඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි තිදරු පියෙක් බවයි වාර්තා වන්නේ. දෙපිරිසක් අතර කලක සිට පැවති ආරවුලක් මත ඊයේ (25) රාත්‍රියේ ඇති වූ බහින් බස්වීමකින් පසු මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඝාතනය සඳහා යොදාගත් යකඩ පොල්ලක් සහ පොරවක් ද පොලිස් භාරයට ගත්බවයි පරීක්ෂණ සිදුකරන පොලිස් නිලධාරීයෙක් සඳහන් කළේ.