― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsනව ශ්‍රී ලංකා තානාපතිවරු සහ අගමැති අතර හමුවක්

නව ශ්‍රී ලංකා තානාපතිවරු සහ අගමැති අතර හමුවක්

සාම්ප්‍රදායික රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමය වෙනුවට ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකභාවයට ලොව ප්‍රමුඛතාවය හිමිව ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

අද (26) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී මෙම විශේෂ සාකච්ඡාවක පැවති බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ.

නව ශ්‍රී ලංකා තානාපතිවරුන් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර පැවැති විශේෂ සාකච්ඡාවක දී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

නව තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් 16 දෙනෙකු මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

ආයෝජන ආකර්ෂණය කරගැනීම, අපනයනය හා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම මෙන්ම සියලු දෙනා සමඟ මිත්‍රශීලී, නොබැඳි මධ්‍යස්ථ රටක් බවට වූ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීම සඳහා කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා නව තානාපතිවරුන්ට උපදෙස් ලබා දුන්නා.

රට හමුවේ ඇති ආර්ථික අර්බුදය හා ණය ප්‍රතිව්‍යුහගත කිරීම් පිළිබඳව මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා ආධාර සහ ණය මත යැපීමට වඩා නිෂ්පාදනය, අපනයනය සහ වේගවත් සංවර්ධනයක් ඇති කර ගැනීමට හැකි වන පරිදි ආයෝජන, හවුල් ව්‍යාපාර සහ ද්විපාර්ශ්වික හවුල්කාරිත්වයන් සඳහා කටයුතු කරන ලෙස ද ශ්‍රී ලංකා දූත මණ්ඩලවලින් ඉල්ලා සිටියා.

වැඩි ආයෝජන, රැකියා අවස්ථා සහ සංවර්ධන ආධාර ලබා ගැනීම සඳහා විදේශගත ප්‍රජාව සහ ඔවුන්ගේ සංගම් සමඟ සමීප සහයෝගයෙන් කටයුතු කළ යුතු බවත් සීඝ්‍ර ආර්ථික ප්‍රකෘතියක් අත්කර ගනිමින් ආහාර වලින් ස්වයංපෝෂිතවීමට සහ කෘෂිකර්මය, කර්මාන්ත, තොරතුරු තාක්ෂණ සහ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට ශ්‍රී ලංකාව දරණ උත්සාහයන් සමඟ මිත්‍ර ජාතීන්ට සහයෝගයෙන් කටයුතු කළ හැකි බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පිහිටුවන ලද ආයෝජන සහ අපනයන ප්‍රවර්ධන කමිටු සඳහා උපරිම සහයෝගය ලබා දෙන ලෙස ද අග්‍රාමාත්‍ය ගුණවර්ධන මෙහිදී අවධාරණය කර සිටියා.