27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාසල් ළමුන්ට මාවා අලෙවි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

පාසල් ළමුන්ට මාවා අලෙවි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

පාසල් ළමුන් සහ උපකාරක පංති සිසුන් ඉලක්ක කර ගනිමින් දුම්කොළ මිශ්‍ර මාවා නැමති මත්ද්‍රව්‍ය අලෙවි කළ පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෙරියනීලාවනි, පාණ්ඩිරිප්පු 01 ලිපිනයේ පිහිටි වෙළඳසැලක් තුළ සැකකරු විසින් දීර්ඝ කාලයක සිට මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

විශේෂ කාර්ය බලකාය කල්මුණ කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී දුම්කොළ මිශ්‍ර මාවා නැමති මත්ද්‍රව්‍ය කිලෝ 01යි ග්‍රැම් 440ක් සහ දුම්කොළවලට මිශ්‍ර කිරිමට භාවිත කරන ලදැයි සැක සහිත Maharaja katha ලෙස සදහන් ටින් 18ක්ද සොයා ගැනීමට හැකිව තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු තැනැත්තා පිහිලිලාදෙනිය, මඩවල බසාර් ප්‍රදේශයේ පදිංචි වයස අදුරුදු 25ක අයෙක් බවයි වාර්තා වන්නේ.