27.2 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබඩේ අමාරුවෙන් පෙළුණු දරුවාට කෝවිලෙන් නූලක් මතුරා ගැටගහලා

බඩේ අමාරුවෙන් පෙළුණු දරුවාට කෝවිලෙන් නූලක් මතුරා ගැටගහලා

උදරාබාධයක් වැළදී කෑ මොරදෙමින් සිටි මාස 8ක් වයස ළදරුවෙකුට කෝවිලකින් නූල් මතුරා දී දෙමව්පියන් දෙදෙනා නිහඩව සිටීම නිස එම දරුවා මිය යෑමේ පුවතක් යාපනයෙන් වාර්තා වෙයි.

අදාල නූල මතුරා දින දෙකක් තිස්සේ මෙම දෙමාපියන් නිහඬව සිට ඇති අතර දරුවාගේ රෝගය උත්සන්න වීම හේතුවෙන් ඔහු රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

දරුවාට උදරාබාධයක් හට ගැනීමෙන් පසුව ඔහු උණ රෝගයෙන්ද පෙලීම නිසා ගමේ පිහිටි හින්දු කෝවිලක් වෙත ගොස් මව හා පියා කෝවිලේ පූජකවරයාට සිද්ධිය සැලකොට නූලක් මතුරවා ගෙන පැමිණ එම නූල දරුවාගේ බැඳ සුව වෙනතුරු බලාගෙන සිට ඇත.

දින දෙකකට පසුවද දරුවාගේ හැඬීම නතර නොවන නිසා ඔහුව යාපනය ශික්ෂණ රෝහල වෙත ගෙන ගිය අවස්ථාවේදී දරුවා පරීක්ෂා කළ වෛද්‍යවරු ළම‍යා රෝහලට ඇතුළත් කරණ ලෙස දැනුම් දී තිබේ.

ඊට ස්වල්ප වෙලාවකට පසුව ළදරුවා මියගොස් ඇත.

මරණය සම්බන්ධයෙන් යාපනය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ උදරාබාධය නිසා දරුවාට හටගත් අධික විජලනය හේතුවෙන් දරුවා මිය ගොස් ඇති බවයි.

ඊයේ (25) දිනයේදී මෙසේ මියගොස් ඇත්තේ යාපනයේ නාවන්තුරේ ප්‍රදේශයේ නිවසක සිටි දරුවෙකි.

#lankasara