29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබිත්තරයක් 55ට විකුණන්න එකඟ වෙයි

බිත්තරයක් 55ට විකුණන්න එකඟ වෙයි

බිත්තරයක් රුපියල් 50 – 55ත් අතර මිලකට අලෙවි කිරීමට කුකුලු මස් සහ බිත්තර නිෂ්පාදකයින්ගේ සංගම් එකඟත්වය පළකර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

අද (26) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යංශයේදී මහින්ද අමරවීර සමඟ පැවති සාකච්ඡාවකදීයි ඔවුන් මෙම එකඟත්වට පළ කර ඇත්තේ.

මෙම මස අවසානයේ සිට බිත්තරයක් රුපියල් 55ක මිලක් යටතේ සැපයීමට කර්මාන්තකරුවන් එකඟත්වය පළ කර ඇති අතර ආරම්භයේදී කොළඹට දිනපතා බිත්තර රැගත් ලොරි 20ක් බැගින් එවා ජනාකීර්ණ ප්‍රදේශවලදී පාරිභෝගිකයින්ට අලෙවි කිරීමටත් එමෙන්ම වෙනත් නාගරික ප්‍රදේශවලටද එය ව්‍යාප්ත කිරීමටත් එහිදී එකඟත්වය පළ කර තිබේ.