25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalමගේ ආසනයට ඇති තරම් වැඩ කරලා තියෙනවා.. ඒ නිසා මැතිවරණයට බය නෑ

මගේ ආසනයට ඇති තරම් වැඩ කරලා තියෙනවා.. ඒ නිසා මැතිවරණයට බය නෑ

තමන් නාවලපිටිය ආසනයට විශාල සංවර්ධන කටයුතු රැසක් සිදු කර ඇති නිසා තමන් මැතිවරණවලට බිය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (25) පස්වරුවේ නාවලපිටිය බව්වාගම ප්‍රදේශයේ පැවති ජන හමුවකදී අදහස් දක්වමිනි.

මෙරට පළාත් පාලන ආයතන සියල්ලම ජනවාරි මස 5 – 10 දිනයන් අතර කාලය තුළ විසුරුවා හැර පළාත් පාලන මැතිවරණයකට යන බවත් පළාත් පාලන මැතිවරණයේදි නාවලපිටිය ආසනයෙන් එක් කොට්ඨාශයක් දින ගන්නා ලෙස ජනතා විමුක්ති පෙරමුණට තමන් කළ අභියෝගය ජනතා විමුක්ති පෙරමුණ විසින් භාරගෙන ඇති බවත් මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.