23.4 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමවට පහරදුන් දුන් පියා පුතා අතින් එළොව යයි

මවට පහරදුන් දුන් පියා පුතා අතින් එළොව යයි

ඊයේ (25) රාත්‍රියේ මාවනැල්ල, ඉහළකෝට්ටේ, මාකෙහෙල්වල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

මෙම පුද්ගලයා සහ බිරිඳ සමඟ ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් ඔහුගේ පුතා විසින් තියුණු ආයුධයකින් පහර දී තම පියාව මෙලෙස ඝාතනය කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 45 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි වාර්තා වන්නේ.

අපරාධය සිදුකළ 20 හැවිරිදි පුත්‍රයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (26) දිනයේ මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

මහේස්ත්‍රාත්වරයා විසින් ස්ථානීය පරීක්ෂාව සිදුකිරීමෙන් අනතුරුව මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කෑගල්ල රෝහල වෙත යොමු කිරීමට නියෝග කළ බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.