25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsලක්ෂ 05ක් සමඟ මුදල් සේප්පුව කාණුවක දමා ගිහින්

ලක්ෂ 05ක් සමඟ මුදල් සේප්පුව කාණුවක දමා ගිහින්

පුත්තලම – පාලාවිය සමෘද්ධි බැංකුවේ මුදල් සේප්පුව කිසියම් කණ්ඩායමක් විසින් සොරකම් කර මහ මඟ දමා ගොස් තිබියදී සොයා ගෙන තිබෙනවා.

පුත්තලම පොලීසිය සදහන් කළේ ඊයේ (25) රාත්‍රියේ මාර්ගයේ ගමන් කළ අයෙකු මුදල් සේප්පුවක් මාර්ගය අසල කණුවක තිබෙනු දැක ඒ සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දුන් බවයි. එම දැනුම්දීම මත අදාළ ස්ථානයට ගිය පොලිස් නිලධාරීන් සේප්පුව සිය භාරය ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

සමෘද්ධි බැංකුවේ ජනේලයක ආරක්ෂිත කම්බි කඩා දමා ඇතුළු වී සේප්පුව සොරකම් කර ඇති බව මූලික විමර්ශණවලදී හෙළිව තිබෙනවා.

මුදල් සේප්පුවේ රහස් අංකය සහිත අගුල ඇති ස්ථානයට සහ තවත් ස්ථාන කීපයකට හානි සිදුකර ඇති බවක් පොලීසියට නිරීක්ෂණය වී තිබෙනවා.

කෙසේ වෙතත් සේප්පුව සොරාගත් පුද්ගලයින්ට එය විවෘත කර ගැනීමට නොහැකිවීම නිසා මෙලෙස මහ මඟ දමා ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ. මෙලෙස අතහැර දමා ගොස් ඇති සේප්පුවේ රුපියල් ලක්ෂ 05 ක පමණ මුදලක් ඇති බවයි පලාවිය සමෘද්ධි බැංකුවේ කළමණාකාරීත්වය පොලීසිය හමුවේ පවසා ඇත්තේ.