30.6 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රැසියාව සිය තෙල් නිෂ්පාදනය කප්පාදු කරන බවට ඉඟිකිරීමත් සමඟ මෙම තත්ත්වය උදගතව ඇත්තේ.

ඒ අනුව අද දිනයේදී බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දැක්වුණේ ඩොලර් 83.72ක් ලෙසයි. එය දිනක් තුළ ඩොලර් 2.94කින් එනම් 3.63%කින් ඉහළයාමකි.

අමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිලද ඩොලර් 2.07කින් එනම් 2.67%කින් ඉහළ ගොස් ඇති අතර එහි මිල දැඛ්වුණේ ඩොලර් 79.56ක් ලෙසයි.