28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදෙස්ගත වෙන කාන්තාවන්ට ලබන වසරේ සිට NVQ 03 අනිවාර්යයි

විදෙස්ගත වෙන කාන්තාවන්ට ලබන වසරේ සිට NVQ 03 අනිවාර්යයි

ගෘහ සේවිකාවන් ලෙස විදෙස්ගත වන සියලුදෙනා වෙත ලබන වසරේ අප්‍රේල් මස 01 වැනිදායින් පසු වෘත්තීය පුහුණු සහතික අනිවාර්යය බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා පවසන්නේ ගෘහාශ්‍රිත රැකියා සඳහා පළමුවරට විදෙස්ගත වන්නේ නම් NVQ 03 වන අදියරේ සහතිකය අනිවාර්යය වන බවයි.

සාත්තු සේවය සඳහා විදෙස්ගත වන ශ්‍රමිකයින් සඳහාද NVQ 03 වන අදියරේ පාඨමාලාවක් මේ වනවිට ක්‍රියාත්මක වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.