25 C
Colombo
Friday, October 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසංචාරකයින් 516ක් රැගත් නෞකාවක් ත්‍රිකුණාමලයට

සංචාරකයින් 516ක් රැගත් නෞකාවක් ත්‍රිකුණාමලයට

යුරෝපා රටවල සංචාරකයන් පිරිසක් රැගත් එම් වී සිල්වර් ස්ප්‍රිට් නැමැති මගී නෞකාව අද (26) ත්‍රිකුණාමල වරාය වෙත සේන්දු වී තිබේ.

සංචාරකයින් 516 දෙනෙකු රැගත් මෙම නෞකාව වරාය අධිකාරියට අයත් අශ්රොප් ජැටිය වෙත පැමිණ ඇථි අතර ත්‍රිකුණාමලය වරායට වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් රැගෙන පැමිණි විශාලතම මගී නෞකාව මෙය වීම විශේෂත්වයකි.

මෙම සංචාරකයන් ත්‍රිකුණාමලය, සීගිරිය, දඹුල්ල, අනුරාධපුර හා පොළොන්නරුව යන ප්‍රදේශවල සංචාරය කිරීමෙන් අනතුරුව තායිලන්තය බලා පිටත්විමට නියමිතය.

මෙම සංචාරකයින්ට අදාළ මෙහෙයුම් කටයුතුවලින් ත්‍රිකුණාමල වරායට පමණක් රුපියල් ලක්ෂ 21ක පමණ ආදායමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.