25.6 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅඩු ආදායම්ලාභී ගොවීන්ට ඩොලර් 42ක දීමනාවක්

අඩු ආදායම්ලාභී ගොවීන්ට ඩොලර් 42ක දීමනාවක්

දිස්ත්‍රික්ක හතක අඩු ආදායම්ලාභී වී වගා කරන ගොවි පවුල් සඳහා එක් පවුලකට රුපියල් 15,000ක (ඩොලර් 42ක්) දීමනාවක් ලබාදීමට එක්සත් ජනපද නියෝජිතායතනය තීරණය කර තිබෙනවා.

යාපනය, මුලතිව්, මන්නාරම, ත්‍රිකුණාමලය, වවුනියාව, මොණරාගල හා මඩකලපුව දිස්ත්‍රික්කවල වෙසෙන මාසික ආදායම රුපියල් 41,500ට වඩා අඩු ගොවි පවුල් සඳහා මෙම දීමනාව ලබා දෙන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ.

ලබන ජනවාරි මාසයේදී මෙම මුදල වාරික 02ක් යටතේ ලබාදීමට කටයුතු කර තිබෙනවා. මේ අතර ආසියානු සංවර්ධන බැංකුව විසින් රුපියල් බිලියන 08ක මුදලක් දිවයිනේ වී වගා කරන ගොවි පවුල් ලක්ෂ 12කට ලබාදීමට කටයුතු කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළා.