― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඉන්ධන පරිභෝජනය 50%කින් පහතට

ඉන්ධන පරිභෝජනය 50%කින් පහතට

මෙරට ජාතික ඉන්ධන පරිභෝජනය 50%කින් පහත වැටී ඇති බව ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසයි.

වසරේ මුල් මාස කිහිපය හා වසර අවසානයේ ඉන්ධන පරිභෝජනය සසඳා බැලීමේදීයි මේ බව අනාවරණය වී ඇත්තේ.

ඛනිජතෙල් සංස්ථාවේ දත්තවලට අනුව 2021 වසරේ දෙසැම්බර් සහ 2022 වසරේ පෙබරවාරි අතර කාලයේදී මෙරට දෛනික පෙට්‍රල් හා ඩීසල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 5,500ක් වන අතර එය වසර අවසානයේදී හරි අඩකින් පහත වැටී ඇති බවයි දැක්වෙන්නේ.

එමෙන්ම 2021 වසරේදී ඉන්ධන ආනයනය සදහා ඇමරිකානු ඩොලර් බිලියන 3.7 ක් වැය කර ඇති අතර 2022 වසරේ ජනවාරි සහ මාර්තු අතර කාලෙය් ඉන්ධන ආයනය වෙනුවෙන් වැය කර තිබුණු මුදල ඇමරිකානු ඩොලර් බිලියන 1.4කි.