31.1 C
Colombo
Thursday, January 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෝඨාට ඇමරිකාවට වීසා ලැබී නැහැ?

ගෝඨාට ඇමරිකාවට වීසා ලැබී නැහැ?

ඊයේ අලුයම් කාලයේ සිය පවුල සමග විදෙස්ගත වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට ඩුබායි රාජ්‍යයේ රැදී සිටින බව වාර්තා වේ.

ඒ අනුව ඩුබායිහි සිට යුරෝපා රටකට යාම සදහා හිටපු ජනාධිපතිවරයා මේ වනවිට උත්සාහ දරමින් සිටින බව දැනගන්නට ඇත.

කෙසේවෙතත් මෙරට මාධ්‍ය ඊයේ වාර්තා කොට තිබුණේ හිටපු ජනාධිපතිවරයා පවුල සමග අමෙරිකාව බලා පිටත්ව ගිය බවකි.

නමුත් එසැණින් අප වෙබ් අඩවිය ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත් හිටපු ජනාධිපතිවරයාට අමෙරිකානු වීසා නොලැබුණු බවත්ය.

ඒ අනුව තවත් දින 9ක් හිටපු ජනාධිපතිවරයා ඩුබායිහි රැදී සිටින බව දැනගන්නට ඇත.

#mawratanews