26.7 C
Colombo
Wednesday, August 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනව විදුලි සම්බන්ධතා ලබාගැනීමට 35,000ක් පොරොත්තු ලේඛනයේ

නව විදුලි සම්බන්ධතා ලබාගැනීමට 35,000ක් පොරොත්තු ලේඛනයේ

පාරිභෝගිකයින්ට නව විදුලි සම්බන්ධතා ලබාදීමේ යම් ප්‍රමාදයක් සිදුව ඇති බව වාර්තා වේ.

රට තුළ පවතින ඩොලර් හිඟය හේතුවෙන් නව සම්බන්ධතා ලබාදීමට අවශ්‍ය විදුලි මීටර ඇතුළු උපකරණ රැසක් ආනයනය කිරීමට නොහැකි වී ඇති බව ද දැනගන්නට ඇත.

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ මේ වනවිට නව සම්බන්ධතා ලබාගැනීම සඳහා පොරොත්තු ලේඛනයේ පුද්ගලයන් 35,000ක් සිටින බවයි.

කෙසේ වෙතත් ඉදිරි මාස 3 තුළ ඔවුන්ට නව සම්බන්ධතා ලබා දෙන බවද ඔහු පෙන්වා දුන්නා.

දැනට ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයට මසකට ට්‍රාන්ස්ෆෝමර් 250ක් අවශ්‍ය වේ. නමුත් දැනට පවතින ඩොලර් අර්බුදය සලකා බලන විට මසකට 100ක් පමණ ලබා ගත හැකි බවද සටහන් වේ.