― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalබස් මෑන් කිව්වට මං සැලෙන්නේ නැහැ

බස් මෑන් කිව්වට මං සැලෙන්නේ නැහැ

‘බස් මෑන්’ නෙමෙයි ඊට වඩා අපහාස කළත් ඒවට තමා නොසැලෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ අද (27) තබුත්තේගම විද්‍යාලයට 50 වැනි බස් රථය බෙදා දීමේ උත්සවයට එක්වෙමිනි.

පාසල්වලට බස්රථ ලබා දීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට උනන්දු කළේ හිටපු අමාත්‍යවරයකු වන අර්ල් ගුණසේකර මහතා බවත් මේ සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීමේ දී සෑම වසරකම සෑම පාසලකම දූ දරුවන්ගෙන් විවිධ ප්‍රවාහන අවශ්‍යතා සඳහා විශාල වශයෙන් මුදල් එකතු කරන බවත් මේ තත්ත්වය නිදහස් නිවහල් හා නොමිලේ අධ්‍යාපනය ලබා දීම යථාර්ථයක් බවට පත් කිරීමට බාධාවක් බවත් එම නිසා පාසල් සඳහා නොමිලේ බස් රථ ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කර මේ වන විට බස් රථ 50ක් ලබා දීම සිදු කර ඇති බවත් මේ නිසා පාසල් දූ දරුවන්ගේ බාහිර ක්‍රියාකාරකම් සඳහා දෙමාපියන්ට වියදම් කිරීමට සිදුවන මුදල් ප්‍රමාණය මේ නිසා අඩුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පාසල් තුළ දේශපාලනයට, ව්‍යාපාරවලට සම්බන්ධ ඇතැම් ආදි සිසුන් හිටියත් තමන්ගේ පාසලේ දියුණුව වෙනුවෙන් කිසිවක් නොකරන බවත් බස් රථ නොමිලේ ලබා දීම නිසා ‘බස් මෑන්’ යනුවෙන් තමා හැදින්වූවත් එම අවලාද, අපහාස කිසිසේතම තමා විසින් නොතකන බවත් මහත්මා ගාන්ධි විසින් පැවසූ ආකාරයට වැඩ කරන මිනිස්සු සහ ලකුණු දා ගන්න මිනිස්සු යනුවෙන් දෙකොටසක් සිටින බවත් එම නිසා ලකුණු දා ගන්නා මිනිස්සු කෙතරම් සිටියත් වැඩ කරන මිනිස්සු එක්ක සිටගෙන රට වෙනුවෙන් යමක් කිරීමට ඕනෑම වෙලාවක් සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බස්වලින් මිනිසුන් දසදහස් ගණනක් එකතු කර රැස්වීම් පවත්වා ලකුණු දා ගන්නවා වෙනුවට මහපොළොවේ වැඩ කිරීමට තමන් සුදානම් බවත් මේ අවස්ථාවේ අප රටට අවශ්‍ය වන්නෙත් වැඩ කරන මිනිස්සු බවත් ඒ මිනිස්සු සමඟ නැවත රට ගොඩනැගීමට තමන් සූදානම් බවත් විපක්ෂ නායකවරයා එහි දී අවධාරණය කර සිටියේය. වත්මන් රජය කැබිනට් අනුමැති අරගෙන අප රට දුප්පත් රටක් බවට නම් කර ඇති බවත් එය විහිළුවට කරුණක් බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ අප රටේ අධ්‍යාපනය ශක්තිමත් කරනවා වෙනුවට සිරගෙවල් සකස් කිරීමට පාලකයන් කටයුතු කර ඇති බවයි. නමුත් අමතක නොකළ යුත්තේ එක් පාසලක් විවෘත වන විට සිරගෙවල් කිහිපයක් වුව වසා දැමිය හැකි බවයි.

එමෙන් ම රට විනාශ කළ පුද්ගලයන් රතු පලසේ වැඩම්මවා ඉන්නා ඇතැම් පුද්ගලයන් රටට වැඩ කරන පුද්ගලයන්ට මඩ ගසන බවත් ඔවුන්ට කියන්නට ඇත්තේ මඩ දේශපාලනයෙන් ඉවත් වී ජනතාවට සැබෑ සේවයක් කරන ලෙසත් ඔවුන් කෙතරම් මඩ ගැසුවත් මෙම බස්රථ ලබා දීමේ වැඩසටහන කිසිසේත්ම නතර නොකරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රට විනාශ කළ පුද්ගලයන්ගේ තනතුරු වරප්‍රසාද වරදාන ලබා ගෙන වැජබෙන්නට අවස්ථාව ලැබුණත් ප්‍රතිපත්තියක් ලෙස හොරු සමඟ ගනුදෙනු නොකරන නිසා ස්වෝත්සාහයෙන්ම ජනතාව සමඟ එකට එකතු වී රට ගොඩනැගීමට කටයුතු කරන බවත් පැවසීය.

එසේ ම මීට පෙර ජනතාව සිය ඉල්ලීම් ඉල්ලා සිටියේ ජනාධිපති, අගමැති හෝ ආණ්ඩුවේ ඇමතිවරුන්ගෙන් බවත් එහෙත් මේ වන විට විපක්ෂ නායකගෙන් සිය දුක්ගැනවිලි කියා ඉල්ලීම් ඉදිරිපත් කරන බවත් එයට හේතුව පසුගිය වසර 74ට සාපේක්ෂව වත්මන් විපක්ෂ ජනතාවගේ දුක් ගැනවිලි කෙරෙහි අවධානය යොමු කර විශාල සේවාවක් සිදු කිරීම බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ උනුත් එකයි මුනුත් එකයි කිව්වට එය වත්මන් විපක්ෂයට කිසිසේත්ම අදාළ නොවන බවත්ය.

බංකොලොත් වී ඇති අප රටේ තවමත් ගල්අගුරුවලින්, බෙහෙත්වලින් ගසාකෑම් සිදුවන බවත් මේවා සියල්ල චෞර ගනුදෙනු බවත් එසේ ගසාකන ගමන් ජනතාව මත බදු බර පැටවීම අනුමත නොකරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ රජය පදික වෙළෙඳුන්ගෙන් පවා බදු ගැසීමට සූදානම් බවයි.