― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබිල වැඩි කරන්නේ පාඩුව පියවගන්නකන් විතරයි

බිල වැඩි කරන්නේ පාඩුව පියවගන්නකන් විතරයි

විදුලිබල මණ්ඩලය මේ වනවිට ලබන පාඩුව පියවා ගන්නා තෙක් පමණක් විදුලි බිල ඉහළ දැමීම සිදුකරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ගල්අඟුරු ආනයන සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව සම්බන්ධව අමාත්‍යවරයා මෙම විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

මේ අතර නොරොච්චෝලේ බලාගාරය සඳහා ගල් අඟුරු නැව් තුනක් ජනවාරි 05, 09 සහ 16 යන දිනවල මෙරටට පැමිණීම අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කර සිටියේ.