30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමූල්‍ය වංචාවක් ගැන ඇමති ප්‍රසන්න වාර්තාවක් කැඳවයි

මූල්‍ය වංචාවක් ගැන ඇමති ප්‍රසන්න වාර්තාවක් කැඳවයි

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කළුතර දිස්ත්‍රික් කාර්යාලයේ සිදු වුයේ යැයි කියන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ගෙන ඇති පියවර පිළිබඳව වහාම වාර්තාවක් ලබා දෙන්නැයි නගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට දැනුම් දෙයි.

ණය ලාභීන්ගේ ණය වාරික වලින් රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචාවක් සිදු කිරීම පිළිබඳව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කළුතර දිස්ත්‍රික් කාර්යාලයේ ගණකාධිකාරිනිය සහ විගණන නිලධාරි ඇතුළු නව දෙනකුගේ වැඩ තහනම් කර තිබෙන අතර ඔවුන්ට නිවාස අධිකාරියට අදාල කිසිදු ආයතනයකට ඇතුළු වීමට ද තහනම් කර ඇත. 

අදාළ මූල්‍ය වංචාව සිදු කර ඇත්තේ 2018 සහ 2022 වසරේ මුල් කාර්තුවෙි දී බවත් සිද්ධියට අදාල ලිපි ලේඛණ කොටසක් ගිනි තබා විනාශ කර ඇතැයි ද සඳහන් වේ.