26 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරියදුරන්ගේ වැරදි ලකුණු ක්‍රමය ජනවාරියේ සිට

රියදුරන්ගේ වැරදි ලකුණු ක්‍රමය ජනවාරියේ සිට

රථවාහන ධාවනය කිරීමේදී රියදුරුගේ අතින් සිදුවන වැරදි ලකුණු කරන ‘රියදුරු කුසලතා ලකුණු ක්‍රමය’ ලබන ජනවාරියේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ පැවසුවේ ඒ අනුව රිය ධාවනයේදී රියදුරු අතින් මහමඟ සිදුවන වැරදි සඳහා නව ක්‍රමය යටතේ කුසලතා ලකුණු ලබාදීමේ සහ ඊට අදාළ දඩුවම් පැනවීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට නියමිත බවයි.

ඊට අදාළ මූලික ක්‍රමවේදය මේ වන විට සකස් කර ඇති අතර එය ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට යොමුකිරීමට නියමිතය.