27.6 C
Colombo
Tuesday, May 13, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldඉන්ධන සම්බන්ධයෙන් රුසියාව දැඩි තීරණයක

ඉන්ධන සම්බන්ධයෙන් රුසියාව දැඩි තීරණයක

ජී7 සාමාජික රටවල් රුසියානු බොරතෙල් සඳහා එකඟ වූ මිල සීමාව පනවන කිසිම රටකට හෝ සමාගමකට බොරතෙල් අලෙවි නොකරන බව රුසියාව පවසනවා.

රුසියානු බොරතෙල් සඳහා මිල සීමාව ඉකුත් 5 වැනිදා ක්‍රියාත්මක වූ අතර බොරතෙල් බැරලයක් සඳහා ඩොලර් 60 කට වඩා නොගෙවිය යුතු බව ජී7 සාමාජික රටවල් එකඟ විය.

රුසියානු ජනාධිපතිවරයාගේ නියෝගයක් මත මෙම තහනම පනවා ඇති අතර පෙබරවාරි 1 වැනිදා සිට ජූලි 1 වැනිදා දක්වා මාස පහක කාලයක් තහනම බලපැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම තහනමට අයත් වන රටවල්වලට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ලබා දෙන විශේෂ අවසරයක් මත පමණක් බොරතෙල් මිලදී ගත හැකි බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.