32 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තියේ අවසන් කෙටුම්පත ඇමති අමරවීරට

ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තියේ අවසන් කෙටුම්පත ඇමති අමරවීරට

වසර ගණනක් තිස්සේ මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ අඩුපාඩුවක්ව පැවති ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තිය මේ වනවිට අවසන් කෙටුම්පත සකස් කර අවසන් කර ඇති බව එම ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා පත් කළ විද්වත් කමිටුව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්නේය.

ඒ විද්වත් කමිටුව හා ඇමැතීවරයා සහ අමාත්‍යාංශයේ නිලධාරින් සමග සාකච්ඡාවක් ඊයේ (27 ) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්වුණ අවස්ථාවේ දීය.

සෑම අංශයක්ම නියෝජනය වන පරිදි විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් මේ සඳහා පත් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයට උපදෙස් දී තිබුණි. ඒ අනුව එම කමිටුවට හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරු, අමාත්‍යාංශ ලේකම්වරු මෙන්ම විශ්වවිද්‍යාල මහාචාර්යවරු හා ගොවිජන නියෝජිතයින්ද ඇතුළත් කරනු ලැබීය.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ, මහාචාර්ය උදිත් ජයසිංහ, මහාචාර්ය පාලිත වීරක්කොඩි, මහාචාර්ය එම් බී. රත්නතිලක, ආචාර්ය බී.වී.ආර් පුන්‍යවර්ධන, ආචාර්ය ඩී. ඇස් . කුරුප්පුආරච්චි, යන ආචාර්ය මහාචාර්යවරු මෙන්ම හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරු වන ආචාර්ය අජන්ත ද සිල්වා හා හා ආචාර්ය ඩබ්. එම්. එම් වීරකෝන් යන මහත්වරු ද මෙම කමිටුවට අයත් වූහ.

විශේෂයෙන් ආණ්ඩුවෙන් ආණ්ඩුවට, අමාත්‍යවරයාගෙන් අමාත්‍යවරයාට වෙනස් නොවන ස්ථිර කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් සැකසීම සඳහා සෑම අංශයකම අදහස් හා යෝජනා ලබා ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම කමිටුවට උපදෙස් දී තිබුණි. ඒ අනුව සෑම අංශයක්ම නියෝජනය වන පරිදි කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා අදහස් හා යෝජනා ලබා ගත් බව ද විද්වත් කමිටුව ප්‍රකාශ කළේය.

කෙසේ වුවද මෙම අවසන් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවත්, ඉන් අනතුරුව නව කෘෂිකාර්මික පනත ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දෙනා විසින් කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.