30 C
Colombo
Wednesday, September 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතියුණු ආයුධ සහ වෙඩි බෙහෙත් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

තියුණු ආයුධ සහ වෙඩි බෙහෙත් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

ගුවන් යානා නාශක අවි සඳහා යොදන උන්ඩ , තියුණු ආයුධ ,සහ වෙඩි බෙහෙත් සමඟ පුද්ගලයකු වැලිගම දෙනිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසනවා.

සැකකරු සමඟ ( ඇක් ඇක් උන්ඩ ) වන්නි යානා නාශක උණ්ඩ හතරක්, කඩු තුනක් උල් පිහියක් , බලපත්‍ර නොමැතිව වෙඩි බෙහෙත් මිලිගෑම් 14,550 ක් සන්තකයේ තබාගෙන සිටියදී පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්යය බලකා දෙනියාය කඳුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ගැනීම සිදු කර ඇත.

වයස අවුරුදු හතළිස් දෙකක් වන සැකකරු දුර විමර්ශන කටයුතු සඳහා වැලිගම පොලිසිය වෙත භාරදී ඇත.

පොලිස් විශේෂ කාර්යය බලකා අණදෙන නිලධාරී නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත ජේෂ්ඨ පොලිස් අධිකාරි වීදුර දිසානායක , සහකාර පොලිස් අධිකාරි සම්පත් , දෙනියාය කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක පි.කේ.ඩි ගයාන් මහතා ඇතුළු කණ්ඩායමක් වැටලීම සිදුකළහ .