24 C
Colombo
Tuesday, February 25, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalමාතර මඩියේ මුහුදු තීරයේ නාඳුනන මල සිරුරක්

මාතර මඩියේ මුහුදු තීරයේ නාඳුනන මල සිරුරක්

මාතර මඩියේ මුහුදු තීරයේ ආසන්නයේ වයස අවුරුදු 45 ක පමණ පිරිමි මළසිරුරක් අද සවස හතරට පමණ ගොඩ ගසා තිබෙනවා.

ප්‍රදේශවාසීන් මෙය දැක දැනුම් දීමෙන් පසු මාතර පොලිසිය පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර මාතර හදිසි මරණ පරීක්ෂක ලලිත් ද සිල්වා මහතා එම ස්ථානයට පැමිණ පරීක්ෂණ කටයුතු කිරීමෙන් අනතුරුව සිරුර මාතර රෝහලේ මෘත ශරීරාගාරය තැන්පත් කරන ලෙස නියෝග කරනු ලැබුවා.

අදාල පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා පොලිසිය මහජන සහය පළකරන අතර මුහුදේ ගිය ධීවරයෙකුගේද යන්න පොලීසිය සැක කරනු ලබනවා.