27.2 C
Colombo
Saturday, July 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදුලි බිල වැඩි කළොත් විසන්ධි කිරීමේ කටයුතුවලට යන එක නවත්වනවා

විදුලි බිල වැඩි කළොත් විසන්ධි කිරීමේ කටයුතුවලට යන එක නවත්වනවා

ජනවාරි මාසයේ සිට විදුලි ගාස්තු ඉහළ දැමීමට පියවර ගතහොත් විදුලි බිල ගෙවීම පැහැර හරින නිවෙස්වල විදුලි සැපයුම් විසන්ධි කිරීමට කටයුතු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩල එක්සත් වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ විදුලි ගාස්තු වැඩිකර තිබියදීත් සේවකයන් විදුලි සැපයුම විසන්ධි කිරීමට ගියහොත් ජනතාවගේ ප්‍රතිචාරය භයානක වියහැකි බවයි.

එසේ වුවහොත් සේවකයන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් ඇතිවන බවයි ඔහු සඳහන් කළා.

ජනවාරි මාසයේ සිට විදුලි බිල යළිත් ඉහළ දැමීමට කටයුතු කරන බවට විෂය භාර අමාත්‍යවරයා පසුගියදා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් අද ඔහු මෙම අදහස් පළ කළා.