35 C
Colombo
Wednesday, February 26, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeSportශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට දඩයක්

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට දඩයක්

උස්බෙකිස්තානයේ පැවැත්වුණු අවුරුදු 17න් පහළ ආසියානු කුසලාන තරඟාවලියට සහභාගී වීම පැහැර හැර ඇති බවට චෝදනා කරමින් ආසියානු පාපන්දු සම්මේලනය (AFC) විසින් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් 20,000ක දඩයක් පනවා තිබෙනවා.

2022 ඔක්තෝබර් මස 5 වෙනිදා සිට 9 වෙනිදා දක්වා උස්බෙකිස්තානයේ පැවැත්වුන මෙම තරඟාවලියට ශ්‍රී ලංකා යොවුන් පාපන්දු කණ්ඩායම සහභාගී වන බවට සහතික වී තිබුණ ද අවසන් මොහොතේ එම සංචාරය ඇන හිටි තිබුණා.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඇති ආසියානු පාපන්දු සම්මේලනයේ (AFC) විනය කමිටුව, තරඟ නීති රීති කඩකිරීමේ චෝදනාව මතයි ඇමෙරිකානු ඩොලර් 20,000ක දඩයක් ශ්‍රී ලංකාවට පනවා ඇත්තේ.

මෙයට අමතරව ඉදිරි තරඟාවලියට සහභාගී වීම සඳහා තහනමක් පැනවීමට ද සලකා බලමින් සිටින බවටයි වාර්තා වන්නේ.

දැනට ශ්‍රී ලංකාව තුල ඇතිවී තිබෙන පාපන්දු අර්බුදයට මෙම මූල්‍යමය දඩය තවත් බරපතල ප්‍රහාරයක් බව පාපන්දු ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් පෙන්වා දෙනවා.