25 C
Colombo
Tuesday, February 25, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsහූනෙක් එකම පවුලේ 6කට මරු කැඳවයි ?

හූනෙක් එකම පවුලේ 6කට මරු කැඳවයි ?

නයිජීරියාවේ Ogun ප්‍රාන්තයේ හූනෙකු වැටී සිටි ආහාරයක් අනුභව කළ එකම පවුලේ හය දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

වරලත් ගණකාධිකාරීවරයෙකු වන ඇඩෙල්ක් ජෝන් සැමුවෙල්, ඔහුගේ බිරිඳ, පමෙලා ඇඩෙල්කේ, ඔවුන්ගේ දරුවන් දෙදෙනා සහ තවත් ඥාතීන් දෙදෙනෙකු මෙලෙස මියගොස් ඇති බවටයි හෙළිවී ඇත්තේ.

ඔවුන්ගේ නිවෙසෙහි මුරකරු දිවා විවේකයේදී නිවසේ අසාමාන්‍ය නිශ්ශබ්දතාවයක් ඇති බවට සැක කිරීම හේතුවෙන් කළ සොයා බැලීමේදී යි මෙම කනගාටුදායක මරණ පිළිබඳ තොරතුරු හෙළිවී ඇත්තේ.

පවතින නිහැඬියාව හේතුවෙන් නිවසේ දොර කඩා පැමිණි අසල්වාසීන්ට කාමරවල තිබී සිරුරු සොයා ගැනීමට හැකියාව ලැබුණු අතර ඔවුන් සියලුදෙනා නිදා සිටින ඉරියව්වෙන් සිටි අතර, පෙර දින රාත්‍රියේ ආහාරය අතරතුර වස ශරීරගත වන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.

මරණ සම්බන්ධයෙන් ඇතිවූ සැකය මත මුළුතැන්ගෙයි උපකරණ පරීක්ෂා කිරීමේදී සුප් භාජනයක් තුළ මියගිය හූනෙකු සොයාගෙන තිබෙනවා.හූනන් බැක්ටීරියා විශාල ප්‍රමාණයක් රැගෙන යන නමුත් අනුභව කරන ආහාරවලට වැටුණු පමණින් කෙනෙකු මිය නොයන බවයි විශේෂඥයන් පවසයි.

කෙසේවෙතත් එකම පවුලේ සාමාජිකයන් 6 දෙනාගේ මෙම මරණවලට නිශ්චිතව හේතුව වී ඇත්තේ මෙම හූනා ද එසේත් නොමැති නම් වෙනත් කරුණක් ද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.