29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඉතිහාසයේ වැඩිම රජයේ සේවකයින් ගණනක් අනිද්දා විශ්‍රාම යයි

ඉතිහාසයේ වැඩිම රජයේ සේවකයින් ගණනක් අනිද්දා විශ්‍රාම යයි

මෙරට ඉතිහාසයේ වැඩිම රාජ්‍ය සේවකයින් පිරිසක් අනිද්දා (31) විශ්‍රාම යාමට නියමිතය.

ඒ අනුව අනිද්දා (31) වනවිට රාජ්‍ය සේවකයින් 30,000කට අධික පිරිසක් විශ්‍රාම යාමට නියමිත බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි.

එකවර විශාල සංඛ්‍යාවක් විශ්‍රාම ගියද රාජ්‍ය සේවයේ කිසිදු කඩා වැටීමක් සිදුනොවන බවත් එම පුරප්පාඩු පිරවීමට වැඩපිළිවෙල කිහිපයක්ම ක්‍රියාත්මක බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

පසුගියදා රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 65 දක්වා ඉහළ නැංවූ අතර වත්මන් රජය එම වයස් සීමාව යළි 60 දක්වා පහත හෙලනු ලැබීය.

ඒ අනුවයි මෙලෙස විශාල රජයේ සේවකයන් පිරිසක් විශ්‍රාම යාමට නියමිතව ඇත්තේ.