28.9 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉන්දියාව රටවල් 6කට තහංචි දමයි

ඉන්දියාව රටවල් 6කට තහංචි දමයි

කොවිඩ් ආසාදිතයින් තම රට තුළට පැමිණීම වැළැක්වීම සඳහා සිය කොවිඩ් නීති දැඩි කිරීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව චීනය, හොං කොං, ජපානය, දකුණු කොරියාව, සිංගප්පුරුව සහ තායිලන්තය වැනි රටවලින් ඉන්දියාවට පැමිණෙන පුද්ගලයින් එළඹෙන ඉරිදා සිට කොවිඩ් ආසාදිත නොවන බවට සහතිකයක් ඉදිරිපත් කළ යුතු බවත් ඉහත සඳහන් රටවලින් ඉන්දියාවට පැමිණෙන මගීන් පිටත්වීමට පෙර අදාළ පරීක්ෂණ වාර්තාව ඉන්දීය රජයේ වෙබ් අඩවියට යොමුකළ යුතු බවත් ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.