21.7 C
Colombo
Monday, January 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගොවීන්ට වගා හානි මුදල් අද සිට

ගොවීන්ට වගා හානි මුදල් අද සිට

මහ කන්නයේදී වගා හානි වූ ගොවීන්ට මුදල් ආධාර ලබාදීමේ වැඩපිළිවෙල අද (29) ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

අදාළ මුදල් ගොවීන්ගේ ගිණුම්වලට බැර කිරීම නිල වශයෙන් අද ආරම්භ කරන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ.

පසුගිය මහ කන්නයේ සිදුවු අස්වනු හානිය සැලකිල්ලට ගනිමින් ගොවි පවුල් මිලියන 1.2කට මහ කන්නයේදී ආසියානු සංවර්ධන බැංකුව විසිනි රුපියල් බිලියන 08ක මුදලක් ලබා දී තිබේ.

ඒ අනුව කුඹුරු හෙක්ටයාරයක් ඇති ගොවීන්ට රුපියල් 10,000ක් හා ඊට වැඩියෙන් ඇති ගොවින් සඳහා රුපියල් 20,000ක් වශයෙන් ගොවි ගිණුම්වලට බැර කිරීමට නියමිතය.