― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsමහා පරිමාණ කසිප්පු ජාවාරමක් වැටලූ ජාඇළ OICට පැය හතරෙන් ස්ථාන මාරුවක්

මහා පරිමාණ කසිප්පු ජාවාරමක් වැටලූ ජාඇළ OICට පැය හතරෙන් ස්ථාන මාරුවක්

ශ්‍රී ලංකා පොලීසිය.

මිනිස්සුන්ට බයක් සැකක් නැතිව ජීවත් වෙන්න රටේ නීතිය හරියට ක්‍රියාත්මක කරන ආයතනය තමයි ශ්‍රී ලංකා පොලීසිය.

හැබැයි පසුගිය කාලේ සිදුවුණු වෙඩි තැබීම්, මංකොල්ලකෑම්, ඝාතන වගේ සිදුවීම් දිහා බැලුවම ශ්‍රී ලංකා පොලිසිය මොනවද කරන්නේ කියලත් ඇතැමෙකුට ප්‍රශ්න කරන්න පුළුවන්.

මේ කොහොම වුණත් ඇතැම් නිලධාරීන්ගේ සම+හරක්ගේ වැඩ නිසා සමස්ත පොලිස් නිලධාරීන්ටම චෝදනා එල්ලවුණත් බොහෝ දෙනෙක් නීතිය හරියට ක්‍රියාත්මක කරනවා.

ඒ නීතිය හරිහැටි ක්‍රියාත්මක කරන අයටනම් හැරෙන තැපෑලකින් ස්ථාන මාරු, පරීක්ෂණ තබන අවස්ථානම් අහන්න දකින්න ලැබෙනවා.

තමන්ගේ පහළ නිලධාරීන්ව ආරක්ෂා කරන එක ඉහළ නිලධාරීන්ගේ වගකීමක්. හැබැයි ඒ වගකීම ඉටුවෙනවා වෙනුවට මහා පරිමාණ කසිප්පු වැටලීමක් කළ ජාඇල පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපතිව ස්ථාන මාරු කළ පුවතක් ගැන අපිට වාර්තා වුණා.

කසිප්පු ජාවාරමෙන් ජාඇල වෙලාගෙනසිටි සුසන්ත රාජපක්ෂ නොහොත් මනා යන අනුවර්ත නාමයෙන් හදුන්වන පුද්ගලයෙක් ඇතුළු පිරිසක් ඊයේ (28) පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙහිදී ගෝඩා මිලි ලීටර් 1348000 ක් පොලිස් අත්අඩංගුවට ගෙන ගැනුණු බවයි පොලිසිය පැවසුවේ.

මෙම වැටලීම සිදුකර පැය 4 ක් යන්නටත් පෙර නීතිය හරිහැටි ක්‍රියාත්මක කරවූ දූෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජේ. දර්ශන වෙත ස්ථාන මාරුවක් ලැබී තිබෙනවා.

නීතිය හරිහැටි ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන් අගය කරනවා වෙනුවට ස්ථාන මාරුවීම් සිදුකිරීම මගින් රටටත් සමාජයටත් පොලිස් දෙපාර්තමේන්තුව සිදුකරන්නේ වරදක් නොවේද..?

පොලිස්පතිතුමනි, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමනි, මෙවන් නිලධාරීන් රැකගැනීමට ඔබලා ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද..?

#dasathalankanews