27.2 C
Colombo
Saturday, August 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසහරාන් සමඟ සබඳතා පැවැත්වූ අයෙක් තමිල්නාඩුවේදී අත්අඩංගුවට

සහරාන් සමඟ සබඳතා පැවැත්වූ අයෙක් තමිල්නාඩුවේදී අත්අඩංගුවට

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන සහරාන් හෂීම් සමග සබඳතා පැවත්වූ පුද්ගලයෙකු තමිල්නාඩුවේදී අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාළ පුද්ගලයා ඊයේ (28) ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය විසිනුයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

IS සංවිධානයේ සාමාජිකයෙකු වන අදාළ සැකකරු පසුගිය ඔක්තෝබර් 23 වැනිදා ඉන්දියාවේ කොයිම්බතූර්හිදී මෝටර් රථයක් පුපුරුවා හැරීමේ සිද්ධියට සෘජු සබඳතාවක් පවතින බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අදාළ ප්‍රහාරය මෙරට පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු සමග සබඳතා පැවැත් වූ ඓS ත්‍රස්ත සමාජිකයෙකු විසින් සිදුකර ඇති බවත් ඒ අනුව විමර්ශනය කළ ජාතික විමර්ශන ඒජන්සිය මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ‘සනෝෆර් අලී’ නමැති පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.