28.4 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිවිල් ගුවන් සේවා ලොක්කෝ 27කට හිතුමතේට දීමනා ගෙවලා

සිවිල් ගුවන් සේවා ලොක්කෝ 27කට හිතුමතේට දීමනා ගෙවලා

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රධානීන් 27කට මහ භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයකට වැඩි වටිනා දීමනා ගෙවා ඇති බව අනාවරණය වී තිබේ.

මේ බව අනාවරණය වී ඇත්තේ ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවකිනි.

ඒ අනුව 2018 වර්ෂයේ මැයි මාසයේ සිට 2020 දෙසැම්බර් 31වැනිදා දක්වා අධ්‍යක්ෂ මණ්ඩල නිලධාරියකුට රුපියල් 50,000 බැගින් වන සේ මෙම කළමණාකරණ දීමනාව ගෙවා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මේ සඳහා මහ භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ කිසිදු අනුමැතියක් ලබාගෙන නොතිබිම විශේෂත්වයකි.