23.4 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහැම දේකින්ම පස්සට යන ලංකාව බුද්ධියෙන් ඉදිරියට

හැම දේකින්ම පස්සට යන ලංකාව බුද්ධියෙන් ඉදිරියට

2022 වසරේ ගෝලීය දැනුම් දර්ශකයට (ග්ලෝබල් නොලේජ් ඉන්ඩෙක්ස්) අනුව ශ්‍රී ලංකාව රටවල් 132ක් අතරින් 79 වැනි ස්ථානය ලබාගෙන ඇති බව වාර්තා වෙයි.

ගෝලීය දැනුම් දර්ශකය යනු මොහොමඩ් බින් රෂිඩ් අල් මක්ටුම් දැනුම පදනම සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන එක්ව අධ්‍යාපනය, නවෝත්පාදන, දැනුම, ආර්ථිකය, තාක්‍ෂණය සහ පර්යේෂණ, සංවර්ධනය වැනි ක්ෂේත්‍ර පදනම් කරගනිමින් රටවල් පිළිබඳ සිදුකරනු ලබන තක්සේරුවයි.

එම දර්ශකයෙනුයි ශ්‍රී ලංකාව ලකුණු 43.4ක් ලබාගෙන 79 වැනි ස්ථානය හිමි කරගෙන ඇත්තේ.

එම දර්ශකයේ පළමු ස්ථානයේ පසුවන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. ඇමරිකාව ලකුණු 68.37 හිමිකර ගෙන ඇත.

ලකුණු 68.28 ක් ලබා ගනිමින් දෙවන ස්ථානයට ස්විට්සර්ලන්තය පත් වී තිබේ. ලකුණු 66.96ක් ලබා ගනිමින් තෙවැනි ස්ථානය ස්වීඩනයත් ලබා ගෙන ඇති අතර
මෙම දර්ශකයේ ලකුණු 41.52ක් ලබාගෙන ඉන්දියාව 91 වැනි ස්ථානයට පත්ව තිබේ.