30 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsෆයිසර් එන්නත් ලක්‍ෂ 60ක් කල්ඉකුත් වෙයි

ෆයිසර් එන්නත් ලක්‍ෂ 60ක් කල්ඉකුත් වෙයි

ෆයිසර් එන්නත් ලක්‍ෂ 60ක් පමණ කල්ඉකුත් වී ඇති බවත් එම එන්නත් ප්‍රමාණය වෙනත් රටකට දීමේ උත්සහයද අසාර්ථක වූ බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.

ශ්‍රී ලාංකිකයන් කොවිඩ් මර්දන සිවුවැනි එන්නත් මාත්‍රාව නොගැනීම හේතුවෙන් මෙම එන්නත් තොගය කල් ඉකුත් වී ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (28) සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ වයස අවුරුදු 20ට වැඩි ශ්‍රී ලාංකිකයන් මිලියන 14.5කට ලබාදීම සඳහා එම ෆයිසර් එන්නත් තොගය ඇනවුම් කර ලබාගත් බවයි.