29.5 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉංගිරියේ රියදුරු ඝාතනයට තවත් තිදෙනෙක් අත්අඩංගුවට

ඉංගිරියේ රියදුරු ඝාතනයට තවත් තිදෙනෙක් අත්අඩංගුවට

පුද්ගල ඝාතනයක් සිදුකර මෝටර් රථයක් කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අම්බලන්තොට ප්‍රදේශයේ දී ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ වයස අවුරුදු 31 සහ 36 යන වයස්වල පසුවන අම්බලන්තොට සහ හුංගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

මෙම සැකකරුවන් දෙදෙනා පසුගිය 14 වනදා ඉංගිරිය, නම්බපාන ප්‍රදේශයේ දී, කුලී පදනම මත රත්නපුර ප්‍රදේශයෙන් ලබාගත් මෝටර් රථයකින් ගමන් කරමින් සිටිය දී එහි රියදුරුට පහරදී අත් පා සහ මුඛය ගැටගසා ඝාතනය කර තිබෙනවා.

පසුව මෘත ශරීරය කැටකඩැල්ල ප්‍රදේශයේ දමා මෝටර් රථය කොල්ල කා පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන විසින් කොල්ලකන ලද මෝටර් රථය, ඝාතනය ලක්වූ රියදුරුගේ ජංගම දුරකථන දෙකක් සහ සැකකරුවන් විසින් භාවිතකරන ලද සිම්පත් සහිත ජංගම දුරකථන 03ක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අතරින් එක් අයෙක් ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ ජංගම දුරකථන දෙක උකස් පදනම මත ලබාගත් පුද්ගලයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් අද (30) හොරණ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.