― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකොන්සියුලර් සේවා ගාස්තු සංශෝධනය කෙරේ

කොන්සියුලර් සේවා ගාස්තු සංශෝධනය කෙරේ

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොළඹ පිහිටි ප්‍රධාන කොන්සියුලර් කාර්යාලය සහ ප්‍රාදේශීය කාර්යාල මෙන්ම විදේශයන්හී පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල කොන්සියුලර් සේවා ගාස්තු සංශෝධනය කර තිබෙනවා.

ඒ 2022.11.16 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍ර අංක 2306/35ට අනුවයි.

මේ අනුව 2023 ජනවාරී මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ලේඛන/ සහතික සත්‍යාපන කිරිමට අදාළ ගාස්තු සංශෝධනය කර ති බවයි අමාත්‍යංශය කියාසිටියේ.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොළඔ පිහිටි ප්‍රධාන කොන්සියුලර් කාර්යාලය සහ එහි ප්‍රාදේශීය කාර්යාල මගින් ලේඛන / සහතික සත්‍යාපනය කිරිමට අදාළ නවතම ගාස්තු සංශෝදනයන් පහත දැක්වෙනවා.

කොන්සියුලර් කාර්යය ගාස්තු,

විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද විභාග සහතික 800.00

විදේශීය පුරවැසියෙකු සදහා ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලදඕනෑම ලේඛනයක් 3000.00

යම් අපනයන ලේඛනයක් 8000.00

වෙනත් යම් ලේඛනයක් 1200.00

විදේශගත ශ්‍රී ලාංකිකයින් සදහා අදාළ වන සංශෝධිත ගාස්තු සදහා 2022.11.16 දිනැති අංක 2306/35 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය බලන ලෙසට විදේශ කටයුතු අමාත්‍යංශය දැනුම් දෙනවා.