27.8 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalගෝඨාභය රට ගියේ මහින්දට හොරෙන්

ගෝඨාභය රට ගියේ මහින්දට හොරෙන්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන් විදෙස්ගත වන බව සිය පවුලේ බොහෝ දෙනෙකුට පවසා තිබුණද සිය සහෝදරයෙකු වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ඒ බව දන්වා නොමැති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය 26 වැනිදා ගෝඨාභය රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරයාගේ පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු ඩුබායි ඔස්සේ ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් තිබුණා.

මෙම පිරිස එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් පසුගිය 26 වැනිදා අලුයම 02.55 ට කටුනායක ගුවන්තොටුපළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඔස්සේ පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස මෙරටින් පිටත්ව ගොස් ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ, බිරිඳ අයෝමා රාජපක්ෂ, පුතා දමින්ද මනෝජ් රාජපක්ෂ, ලේලිය එස්.ඩී.රාජපක්ෂ සහ මිනිබිරිය ඩී.එච්.රාජපක්ෂයි.