― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsචූන් පාන් රථවලින් බිත්තර විකිණීමේ සූදානමක්

චූන් පාන් රථවලින් බිත්තර විකිණීමේ සූදානමක්

චූන් පාන් රථ මඟින් බිත්තර අලෙවි කිරීමට සූදානම් බව සමස්ත ලංකා ආපනාශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

ඊයේ (29) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් එම සංගමයේ සභාපති අසේල සම්පත් මේ බව සඳහන් කළා.

එමෙන්ම සතොස සහ සුපිරි වෙළඳසැල් මඟින් බිත්තර අලෙවි කිරීම සිදු නොකරන්නේ කුමන හේතුවක් මත ද යන්න ඔහු මෙහිදී විමසා සිටියා.

මේ අතර බිත්තර නිෂ්පාදකයින් පොරොන්දු වූ පරිදි රුපියල් 55.00ක මිලකට බිත්තර බෙදාහැරීම අද (30) දිනයේදී ද දිවයිනේ ප්‍රදේශ කිහිපයකම සිදුකරන බව වාර්තා වුණා.