25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalජනමතය එක්ක ගේම් ගහන්න නම් ලෑස්ති වෙන්න එපා

ජනමතය එක්ක ගේම් ගහන්න නම් ලෑස්ති වෙන්න එපා

මහජන මතය සමග ගේම් ගහන්න එපා යනුවෙන් තමා ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් අවධාරණය කරන බව ජාතික ජන බලවේගයේ නායක
අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව පවසා සිටියේ අද (30) කොළඹ දී පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි.

එහි දී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, කොමිසමට පත්වීමට පෙර කුමන දේශපාලන ව්‍යාපාරවල සිටියත් ඊට පත්වුණු පසුවවත් ස්වාධීනව කටයුතු කළ යුතුව තිබුණා. සැප්තැම්බර් 20 සිට ජනවාරි 09 දක්වා කාලය තුළ ඕනෑම දිනයකදී මැතිවරණය ප්‍රකාශයට පත්කළ හැකි වුවත් එය අන්තිම මොහොත දක්වාම ඇදගෙන ගියා. සීමා නිර්ණය, මන්ත්‍රීවරුන් සංඛ්‍යාව අඩු කිරීම, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම වැනි විවිධ නීතිමය උපක්‍රම මැතිවරණය කල් දමා ගැනීමට යොදාගන්න උත්සාහ කළා. ඒ තුළින් කොමිසම බිත්තියට හේත්තු වීම දක්වා ඇවිත් තිබෙනවා. නැවත කල් දැමීමක් කරන්න බැහැ. නමුත් නාම යෝජනා බාරගෙන ඡන්දය කල් දැමීමේ උත්සාහයක් ගැන නැවත කසුකුසුවක් යනවා. ජනතාවගේ ජනමතය එක්ක විවිධාකාරයේ ගේම්, සූදු, සෙල්ලම් කරන්න ලැහැස්ති වෙන්න එපා කියලා රනිල් වික්‍රමසිංහටත් ආණ්ඩුවටත් අපි අවධාරණය කරනවා. මේ ඉන්නේ පාර්ලිමේන්තුවටවත් එන්න බැරිව පලවා හැරි නායකයෙක්; රාජපක්‍ෂලාගේ පාර්ලිමේන්තුවේ 134කගේ කැමැත්තෙන් රාජපක්‍ෂලාගේ ආරක්‍ෂාව වෙනුවෙන් පත්කරගත් නායකයෙක්. ජනතාවගේ නියෝජිතයන් පත්කර ගැනීමේ අවස්ථාව අහුරන්න මෙවැනි නායකයෙකුට අපි කිසි සේත්ම ඉඩ නොදෙන බව සහතික කරනවා.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක අවධාරණය කරයි.